ශ්රී ලංකා ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්රතිපත්තිය මෙරට තුළ ක්රියාත්මක කරවීමට හා අවශ්ය සංශෝධනයන් සිදු කිරීමට අවශ්ය මැදිහත්වීම හා අදාල ආයතන වෙත සහාය ලබාදිම. දෙපාර්තමේන්තුවේ විෂය පථයට අදාළව ජාත්යන්තර ආයතන විසින් මෙරට ක්රියාත්මක කරන ව්යාපෘති සම්බන්ධීකරණ කිරීම සිදු කිරීම. දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ශ්රම වෙළඳපොලට අදාළ තොරතුරු, දැනුම ලබාදීම හා දෙපාර්තමේන්තුවේ වැඩසටහන් ප්රචාරණ කටයුතු මෙහෙයවීම සිදු කරයි.
කාර්යභාරය
- ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්රතිපත්තිය යටතේ එක් එක් ක්ෂේත්රයන්හි ප්රවර්ධනයට සම්බන්ධ අදාළ ආයතන වෙත නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම
- ශ්රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණය හා ඵලදායී භාවිතය පිළිබඳ නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම
- 3. දෙපාර්තමේන්තුව සතුව පවතින සමාජ මාධ්ය ජාලා හා (FB, YouTube, Twitter, linkedin, TikTok) පවත්වාගෙන යාම
- 4. ගෝලීය වශයෙන් පවතින රැකියා වෙළඳපොළ හා අනාගත රැකියා අවස්ථා පිළිබඳව දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරීම
- 5. දෙපාර්තමේන්තු විෂය පථයට අදාළව ජ්යාත්යන්තර සංවිධාන විසින් මෙහෙයවන වැඩසටහන්/ ව්යාපෘති ක්රියාත්මක කිරීම සම්බන්ධීකරණය

