Accessibility Tools

දෙපාර්තමේන්තුවේ විවිධ සැළසුම් සකස් කිරීම, දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය මට්ටමේ සේවයේ යෙදෙන මානව සම්පත් සංවර්ධන නිලධාරින්, සංවර්ධන නිලධාරින් හා ප්‍රධාන කාර්යාලය අතර සබඳතාවය පවත්වා ගැනීමත් එම නිලධාරින්ගේ භෞතික හා මුල්‍ය ප්‍රගතිය ලබා ගැනීම, විශ්ලේෂණය, ප්‍රගති වාර්තා සකස් කිරීම හා අවශ්‍ය පාර්ශවයන් වෙත ඉදිරිපත් කිරීම මඟින් දෙපාර්තමේන්තුවේ කළමනාකරණයට සහය වීම සිදු කරයි.

කාර්යභාරය

  • දෙපාර්තමේන්තුවේ සියළුම අංශ සහභාගි කර ගනිමින් උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම.
  • දෙපාර්තමේන්තුවේ උපාය මාර්ගික සැලැස්මට අනුකූලව සියළුම අංශ සහභාගී කරගනිමින් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම හා ඊට අනුකූලව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර සිටින නිලධාරීන් සඳහා වාර්ෂික ඉලක්ක ලබා දීම.
  • ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත යොමු කර අනුමැතිය ලබා ගැනීම
  • දෙපාර්තමේන්තුවේ මාසික ප්‍රගති වාර්තා සකස් කිරීම
  • වාර්ෂික කාර්යසාධන වාර්තාව සකස් කිරීම හා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා යොමු කිරීම
  • වාර්ෂිකව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමට අනුයුක්ත කර සිටින දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇගයීම
  • පහත සඳහන් රැස්වීම් පැවැත්වීම,
    • දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ රැස්වීම්
    • අර්ධ වාර්ෂික හා වාර්ෂික ප්‍රගති සමාලෝචන රැස්වීම්
    • දිස්ත්‍රික් මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම
    • අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම
    • අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීම
    • කලමණාකරණ විගණන කමිටු රැස්වීම
    • කලමණාකරණ විගණන කමිටු රැස්වීම -අමාත්‍යාංශය
  • දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර සිටින දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින්ගේ භෞතික හා මුල්‍ය ප්‍රගතිය පිළිබඳ දත්ත පද්ධතිය පවත්වාගෙන යාම.
FaLang translation system by Faboba