2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 38(1)ඊ වගන්ති ප්‍රකාරව ගණන්දීමේ නිලධාරීගේ වගකීම යටතේ අභ්‍යන්තර විගණන අංශය ක්‍රියාත්මක වේ. ඇත. එසේම දෙපාර්තමේන්තුවේ සෑම අංශයකම රාජකාරී කටයුතු ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සහ චක්‍රලේඛයන්ට අනුව සිදුවනවාද යන්න සොයාබැලීම තුළින් අතපසු වීම්, වැරදි සහ අඩුපාඩු හඳුනාගැනීම මඟින් දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා සහාය වීම සිදු කරයි.
කාර්යභාරය
- විශේෂ විමර්ශණ කටයුතු
- දෙපාර්තමේන්තුවේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම හා පූර්ව හා පසු කටයුතු
- අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම හා පූර්ව හා පසු කටයුතු
- අවදානම් ලේඛනය හා අභ්‍යන්තර විගණන සැලැස්ම සකස් කිරීම
- අභ්‍යන්තර විගණන සැලැස්මට අනුව කටයුතු කිරීම
- පසු විපරම් වාර්තා සකස් කිරීම.

